මාධ්‍යට තොරතුරු ලබාදීම ගැන පොලීසියෙන් නිවේදනයක්

Monday, 26 December 2016 - 19:07

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පෞද්ගලික මාධ්‍ය ආයතන වෙත පොලිස් කොට්ඨාසවල සිදුවීම් විද්‍යුත් තැපෑල ඔස්සේ ලබාදීමට පොලිස් මාධ්‍ය කොට්ඨාශය පසුගිය දින කිහිපය පුරාම පියවර ගෙන තිබුණේ නැහැ.

මාධ්‍ය වාර්තා පළ වූයේ එසේ නොකරන ලෙසට පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇති බවටයි.

පොලිස් කොට්ඨාස වල සිදුවන අපරාධ සිද්ධින් සම්බන්ධයෙන් විද්‍යුත් තැපෑල ඔස්සේ මාධ්‍ය ආයතන වෙත දැනුම් දීම පොලිස් මාධ්‍ය එකකය කලක සිට අනුගමනය කල ක්‍රියාමාර්ගයක්.

මේ සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී දේශපාලනඥයින් අදහස් පළ කළ අතර, පොලිස්පතිවරයා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමක් සිදුකළා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පොලිස්පතිවරයා මාධ්‍යයට අදහස් දැක්වීමේදී මීට වඩා සිතා බලා කටයුතු කළ යුතු බවයි.

පිවිතුරු හෙල උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලද කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ පොලිස්පතිවරයා රාජ්‍ය සේවකයෙකු ලෙස රාජ්‍ය මාධ්‍යවලට ලබාදෙන තොරතුරු අනිවාර්යයෙන්ම පෞද්ගලික මාධ්‍යවලට ද ලබාදීමට නීතියෙන් බැදී සිටින බවයි.  

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ රාජ්‍ය නොවන මාධ්‍ය වෙත තොරතුරු මුදා හැරීම සම්බන්ධයෙන් තමන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය වෙත කිසිදු නියෝගයක් නිකුත් නොකළ බවයි.

එවැනි නියෝගයක් නිකුත් කිරීමට තරම් තමන්ට බලයක් නොමැති බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් පසුව මේ සම්බන්ධයෙන් නිවේදනයක් ද නිකුත් කළ අතර එහි සදහන් වූයේ පෞද්ගලික මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම සඳහා කිසිදු වාරණයක් පොලිස්පතිවරයා විසින් පනවා නොමැති බවයි.