ඉසුරු සොයා විදේශගත වූ තිදරු මවක් ආබාධිත තත්ත්වයට

Tuesday, 27 December 2016 - 8:14

%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
ඉසුරු සොයා විදෙස්ගතව ආබාධිත තත්ත්වයෙන් මෙරටට පැමිණි තිදරු මවක් පිළිබඳව කුරුණෑගල,මහව ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මෙලෙස ආබාධිත තත්ත්වයෙන් පසු වන්නේ මහව,පාලම්මුල්ල ප්‍රදේශයේ පදිංචි පද්මිණී ස්වර්ණලතා නැමැති තිදරු මවක්.

ඇය 2011 වසරේ කුවේට් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇත්තේ පවුලේ අගහිඟකම්වලට විසදුමක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්.

කෙසේ වෙතත්, ඇයට නැවත මව්බිමට පැමිණීමට සිදුවූයේ ආබාධිත කාන්තාවක් ලෙසින්.

ඇයගේ ස්වාමිපුරුෂයා ද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ මේ හේතුව නිසා දරුවන්ගේ අධ්‍යාපනය ද කඩාකප්පල් වී ඇති බවයි.