ගොඩබිම වේගවත්ම සත්වයා,මිනිසාට පරදී

Tuesday, 27 December 2016 - 9:18

%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%8F%2C%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
ගොඩබිමේ වෙසෙන වේගවත්ම සත්ත්වයා ලෙස සැලකෙන බළල් වර්ගයට අයත් චීටා වේගවත්ව මිහිපිටින් තුරන් වෙමින් සිටින බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ලෝකයේ වනාන්තරවල වෙසෙන චීටා ගහණය දැන් 7100කට සීමා වී ඇති බව බ්‍රිතාන්‍යය සත්ත්ව විද්‍යා ආයතනය පැවැත්වූ එම අධ්‍යයනයෙන් හෙළි වී ඇති කරුණක්.

වන රක්ෂිතවලින් පිටත චීටා සත්ත්වයන්ගේ වාස භූමි වලින් සියයට 77ක්ම මේ වන විට මිනිසා විසින් ප්‍රයෝජනයට ගෙන ඇති බව සඳහන්.

ආසියාකරයේ චීටා සත්ත්වයන් මුළුමනින්ම පාහේ අතුරුදන් වී ඇති අතර, ඉරානයේ පමණක් 50කට අඩු සංඛ්‍යාවක් සිටින බවයි හෙළි වී ඇත්තේ.

ලොව චීටා ගහණයෙන් අඩක්ම අප්‍රිකානු රටවල් 6ක වාසය කරන අතර, සිම්බාබ්වේ දේශයේ චීටා ගහනය වසර 16ක් තුළ දී 1200යේ සිට 170 දක්වා අඩු වී තිබෙනවා.


රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More