පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයින් 52කට නඩු

Tuesday, 27 December 2016 - 9:46

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+52%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
මාරවිල,මහවැව සහ නාත්තන්ඩිය යන ප්‍රදේශවල සිදුකරන ලද වැටලීම්වලදී පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ බව කියන ව්‍යාපාරිකයන් පනස් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

උත්සව සමයට සමගාමීව ඊයේ දිනයේදී මෙම වැටලීම් සිදුකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.

කල් ඉකුත් වූ ආහාර ළඟ තබා ගැනීම, අපිරිසිදු ලෙස ආහාර ගබඩා කිරීම ආදී චෝදනා ඔවුන්ට එරෙහිව එල්ල වී තිබුණා.