මහරගම රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Tuesday, 27 December 2016 - 9:56

%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මහරගම,ගුරු විද්‍යාලය අසළ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ 10ට පමණ මහරගම දෙස සිට කොට්ටාව දක්වා ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක්,පෙරළී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු වන අතර,ඔවුන් බදුල්ල සහ මොණරාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු මහරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.