මාරක රිය අනතුරුවලින් 5 දෙනෙකු මරුට

Tuesday, 27 December 2016 - 13:07

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවනවා.

යාපනය - මහනුවර - ඒ නවය මාර්ගයේ වව්නියාව - බූඔය පාලම අසලදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් වෛද්‍යවරියක් ඇතුළු පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ අනතුරෙන් තවත් එක් අයෙකු බරපතල තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බවයි.

වව්නියාවේ සිට අනුරාධපුරය දෙසට ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

ඉන් කැබ් රථයට දැඩි හානි සිදුව ඇති අතර, එහි තිබී වෛද්‍යවරියකට අයත් හැඳුනුම්පතක් ද සොයා ගැනුණා.

ඒ අනුව මිය ගොස් ඇත්තේ නාරාහේන්පිට පදිංචි තිස් දෙහැවිරිදි වෛද්‍යවරියක් වන එම්.ඩී.ඒ. සුදේශිකා නැමැත්තියක් බවට හඳුනාගෙන තිබෙනවා.

අනතුරෙන් කැබ් රථයේ සිටි ඇගේ මාමා සහ නැන්දම්මා ද ජීවිතක්ෂයට පත්වූ අතර, බරපතල තුවාල ලැබූ වෛද්‍යවරියගේ සැමියා ඇතුළත් කෙරුණේ වව්නියාව මහ රෝහලටයි.

යාපනයට යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති අතර, රියදුරන් දෙදෙනාගෙන් එක් අයෙකුට නින්ද යාමෙන් අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

මේ අතර, හයිලෙවල් මාර්ගයේ මහරගම - ගුරු විද්‍යාලය අසළ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් ද පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මහරගම සිට කොට්ටාව දක්වා ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක්, පෙරළී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් බදුල්ල සහ මොණරාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු මහරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ බක්මීගොල්ල ප්‍රදේශයේ දී ද අද උදෑසන සිදුවූ රිය අනතුරකින් වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු 4 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය සදහන් කළා.

ඔවුන් ගමන් ගත් මෝටර් රථය බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ පොළොන්නරුව මහරෝහලේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනෙක්.


ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 07 July 2020 - 11:30

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More