හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි (ඡායාරූප)

Tuesday, 27 December 2016 - 13:10

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ජනාධිපති උපදේශකවරයෙකු වන රත්නසිරි වික්‍රමනායක අද අභාවප්‍රාප්ත වුණා.

කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 83ක්.

1933 වසරේදී උපන් ඔහු 2000 වසරේ සිට 2001 වසර දක්වා මෙන්ම, 2005 වසරේ සිට 2010 දක්වා අවස්ථා දෙකකදී මෙරට අග්‍රාමාත්‍ය ධුරය හොඹවනු ලැබුවා.

ඊට පෙර චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිනිය සමයේ ඔහු රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ වැවිළි කර්මාන්ත අමාත්‍ය ධූරයන්හි කටයුතු කළා.

මිල්ලෑව ප්‍රාථමික පාසල, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, පේදුරුතුඩුව හාඩ්ලි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු නීතිවේදියෙකු ලෙස එක්සත් රාජධානියේදී සුදුසුකම් ලැබුවා.

1960 වසරේ ලංකා සම සමාජ පක්ෂයෙන් හොරණ අසුන ජය ගත් ඔහු 1962 වසරේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළා.

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දිවිගමනේ ඡායාරූප එකතුවක් මෙන්න