පළාත් සභා බලතල උදුරා ගන්නේ නැහැ - එස්.බී

Tuesday, 27 December 2016 - 13:46

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93
සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත යටතේ පළාත් සභා බලය පවරා ගැනීමට හෝ සියලු බලතල එක් අමාත්‍යවරයෙකු යටතට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු නොකරන බව සමාජ සවි බලගැන්වීම් සහ සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රධාන පක්ෂ දෙක තුළ කුමන අර්බුද මතු වුවද ජාතික වුවමනාව වෙනුවෙන් එක්ව කටයුතු කරන බවයි.