හඳුන්නෙත්ති ජනපතිට ලියයි

Tuesday, 27 December 2016 - 18:34

%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට වරාය වසර 99 ක් සඳහා චීන සමාගමකට පැවරීමට අදාළව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත අද ලිපියක් යොමුකර තිබෙනවා.

එහි සඳහන් වන්නේ ඊට අදාළ ගිවිසුම ජනවාරි හත්වනදා අත්සන් කරන බව අග්‍රාමාත්‍යවරයා දැනටමත් ප්‍රකාශ කර ඇති බවයි.

හම්බන්තොට වරාය වෙනත් සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ එකඟත්වය පළ නොකරන බව සඳහන් කරන සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා එය ජාතික ආර්ථිකයේ සහ ජාතික ආරක්ෂාවේ මර්මස්ථානයක් ලෙසයි හඳුන්වන්නේ.

මීට අදාළ ගිවිසුම පිළිබඳව රටේ ජනතාව දැනුවත් නොවුණු බවද එම ලිපියේ සඳහන් වනවා.

අදාළ ගිවිසුම අත්සන් කිරීමට ඉඩ ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අවම වශයෙන් අත්සන් තැබීමට පෙර අදාළ ගිවිසුම කුමක්දැයි රටට දැනගැනීමට ඉඩ සළසන ලෙසද සිය ලිපිය මගින් ඉල්ලා තිබෙනවා.



ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 07 July 2020 - 11:30

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More