කොළඹ කොටුවෙන් බදුල්ලේ යන්න ගිය දුම්රිය නතර වූ හේතුව ?

Wednesday, 28 December 2016 - 7:18

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%3F
කොළඹ කොටුවෙන් පෙරේදා රාත්‍රියේ බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රියේ බෝම්බයක් ඇති බවට පොලීසිය වෙත ඇමතුමක් ලබාදී ඇත්තේ තරුණියක් බවට හෙළිවී තිබෙනවා.

කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ මේ පිළිබඳ සිදුකළ මූලික පරීක්ෂණවලදී මෙම කරුණු අනාවරණ වූ බවයි.

 මෙම දුම්රියේ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු මෙම දුරකථන පණිවුඩය නිසා පොලීසිය එම දුම්රිය විශේෂ පරීක්ෂාවකට ලක් කළා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශයද එම ස්ථානයට කැඳවූ අතර පරීක්ෂාවේදී දුම්රියේ තිබී බෝම්බයක් හමුවූයේ නැහැ.

පැය දෙකක පමණ ප්‍රමාදයකින් පසුව යළි දුම්රිය ධාවනය කෙරුණු අතර මේ නිසා දුම්රිය මගීන් පත්වුණේ දැඩි අසීරුතාවකටයි.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ සිය පෙම්වතා වෙනත් තරුණියක සමඟ විවාහ වීමට අදාළ දුම්රියෙන් ගමට යන බවට ලද තොරතුරක් නිසා එම තරුණයාගේ පෙම්වතිය මෙම ඇමතුම ලබාදී ඇති බවයි.

තරුණයාගේ ගමන වැළැක්වීම ඇයගේ එම ක්‍රියාවේ අරමුණ වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේ.