සෞඛ්‍ය රියදුරන් සංකේත වර්ජනයක

Wednesday, 28 December 2016 - 7:52

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
උතුරු මැද පලාත් ගිලන් රථ රියදුරන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගයට සහය පළකරමින් එක්දින සංකේත  වැඩ වර්ජනයක් අද  උදෑසන 7 සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය රියදුරු සංගමය පවසනවා.

මේ හේතුවෙන් දිවයින පුරා ගිලන් රථ සේවා සම්පුර්ණයෙන් අඩාල විය හැකි බවත් එහි වගකීම උතුරුමැද පලාත් සෞඛ්‍ය ලේකම්වරයා භාරගත යුතු බවත් එම සංගමයේ උප සභාපති ඒගපිගධර්මපාල කියා සිටියා.

පළාත් සභා මට්ටමින්  ගිලන් රථ රියදුරන් බදවා නොගැනීම සහ සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත නොකිරීමට විරෝධය පලකරමින් පසුගිය 21 දා උතුරුමැද පළාත් ගිලන් රථ රියදුරන් සත්‍යග්‍රහයක් සහ විරෝධතාවක් ආරම්භ කළා.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සඳහා ගිලන් රථ රියදුරන්, උතුරුමැද පලාත් සෞඛ්‍ය අමාත්‍යවරයා, ලේකම්වරයා සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා සමග පෙරේදා සිදුකළ නමුත් එය අසාර්ථක වුණා.

මේ වන විට යුද හමුදාව විසින් උතුරුමැද පලාතේ සියලුම රෝහල් වල ගිලන් රථ සේවා කිසිදු බාධාවකින් තොරව සිදු කරගෙන යන බවයි උතුරුමැද සෞඛ්‍ය ලේකම් කිර්ති ගමගේ කියා සිටියේ.