තරුණියකගේ රන් මාලය කඩාගත් කොල්ලකරුට සිදුවූ දේ (ඡායාරූප)

Wednesday, 28 December 2016 - 8:07

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ත්‍රිකුණාමලය,සර්ධාපුර ප්‍රදේශයේදී කොල්ලකෑමක් සිදුකර පොලිස් අණ නොතකා ධාවනය වූ ත්‍රිරෝද රථයකට ඊයේ රාත්‍රියේ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ත්‍රිකුණාමලය,4 කණුව ප්‍රදේශයේ පදිංචි මිය ගිය පුද්ගලයා තවත් දෙදෙනෙකු සමඟ කන්තලේ ප්‍රදේශයේ දී තරුණියකගේ රන් මාලයක් කොල්ල කා, ත්‍රිරෝද රථයකින් පළා යමින් සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කොල්ලකෑමට ලක්වූ තරුණිය ඒ සම්බන්ධයෙන් පොලීසියට කළ දැනුවත් කිරීමකට අනුව පොලිස් යතුරුපැදි දෙකක් අදාළ ත්‍රිරෝද රථය ලුහුබැඳ ගොස් තිබෙනවා.

එහිදී ත්‍රිරෝද රථය නවත්වන ලෙස සංඥා කළ ද එය අණ නොතකා ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව පොලීසිය ඊට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් 28 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනා මේ වන විට  අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.



ඡායාරූප - ත්‍රිකුණාමලය ගීත්