ගැමුණුගෙන් පොලීසියට චෝදනා

Wednesday, 28 December 2016 - 8:38

%E0%B6%9C%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
පෞද්ගලික බස් වර්ජනය පැවති පසුගිය දෙවනදා මීගමුව,ගල්කන්ද  දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් පැවති විරෝධතාව පිළිබඳ පොලීසිය සිදුකරන පරීක්ෂණ පක්ෂග්‍රාහී බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කළා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අද දිනයේ ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.

අධිකරණ නියෝග කඩකරමින් විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද පොලීසිය පසුගියදා අත්අඩංගුවට ගත්තා.

කෙසේ වෙතත් මෙම විරෝධතාවට ප්‍රදේශයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ ආධාරකරුවන්ද සම්බන්ධ වී ඇති බවටයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.