විමල් වීරවංශ එෆ්.සී.අයි.ඩී. ය ට

Wednesday, 28 December 2016 - 10:35

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%91%E0%B7%86%E0%B7%8A.%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.+%E0%B6%BA+%E0%B6%A7
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත පැමිණියා.

ඒ රජයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමටයි.

මේ සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරු සරත් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ඇතුළු 5 දෙනෙකුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ද ගෙනුකර තිබෙනවා.

එම නඩුව විභාගයට ගත් පසුගිය 16 වැනිදා පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කිරීම සඳහා විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය වුව ද ඔහු නියමිත දිනයන්හිදී මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී නොසිටින බවයි.

ඒ අනුව, අද සහ හෙට යන දිනයන්හිදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ.





සැඟව සිටි නාකොටික් IP භාරවෙයි
Tuesday, 07 July 2020 - 12:03

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදුව ඇති මත්ද්‍රව්‍ය... Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී... Read More