සැමගේ ආදරය දිනූ සුදේශිකා අද අවසන් ගමන් යයි (ඡායාරූප)

Wednesday, 28 December 2016 - 11:58

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%96+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වව්නියාව මාර්ගයේදී ඊයේ සිදුවූ රිය අනතුරෙන් මියගිය වෛද්‍යවරිය සහ ඇයගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු සහ ඡායාරූප මේවන විට සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරුවෙමින් පවතිනවා.

මෙම අනතුර සිදු වුණේ යාපනය - මහනුවර - ඒ නවය මාර්ගයේ වව්නියාව - බූඔය පාලම අසලදීයි.

වව්නියාවේ සිට අනුරාධපුරය දෙසට ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

මෙලෙස මියගියේ නාරාහේන්පිට පදිංචි තිස් දෙහැවිරිදි වෛද්‍යවරියක් වන එම්.ඩී.ඒ. සුදේශිකා නමැත්තියක් බවට පොලිසිය හඳුනා ගත්තා.

අනතුරෙන් කැබ් රථයේ සිටි ඇගේ මාමා සහ නැන්දම්මා ද ජීවිතක්ෂයට පත්වූ අතර, බරපතල තුවාල ලැබූ වෛද්‍යවරියගේ සැමියා ඇතුළත් කෙරුණේ වව්නියාව මහ රෝහලටයි.

යාපනයට යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති අතර, රියදුරන් දෙදෙනාගෙන් එක් අයෙකුට නින්ද යාමෙන් අනතුර සිදුව ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

මියගිය තිදෙනාගේ අවසන් කටයුතු අද සිදුකෙරෙන අතර මේවන විට සැමියා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඇයගේ ඡායාරූප කිහිපයක් ෆේස්බුක් පිටුවේ පලවී තිබුණේ මෙලෙසයි.



එම අනතුර සිදුවූ අයුරු පහතින්