ඉන්දු - ලංකා ධීවර ගැටළුව විසඳාගන්න ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක්

Wednesday, 28 December 2016 - 15:05

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් නිලධාරී මට්ටමේ සාකච්ඡා වටයක් සඳහා මෙරට නියෝජිතයන් පිරිසක් හෙට ඉන්දියාව බලා පිටත්වනවා.

මීට අදාළ පළමු සාකච්ඡාව පසුගිය නොවැම්බර් මාසයේ නවදිල්ලියේදී පැවැත්වුණු අතර, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇතුලූ පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වුණා.

හෙට සහ අනිද්දා පැවැත්වෙන සාකච්ඡා සඳහා ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරිය මෙන්ම ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ නාවික හමුදා නිලධාරීන්ද එක්වන බවයි ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

එසේම ජනවාරි දෙවනදා ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ්, එරට ධීවර අමාත්‍ය රාධා මොහාන් සිං ඇතුලූ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ගැටළුව නිරාකරණය කරගැනීම සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.