සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වයඹ පළාතෙනුත් පරාදයි

Wednesday, 28 December 2016 - 16:10

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත අද වයඹ සහ මධ්‍යම පළාත් සභාවලදීද  පරාජයට පත්වුණා.

වයඹ පළාත් සභාවේදී පනත් කෙටුම්පත වැඩි ඡන්ද විස්සකින් පරාජයට පත්වූ අතර, යෝජනාවට පක්ෂව ඡන්ද 11 ක් ද, විපක්ෂව ඡන්ද 31 ක්ද ලැබුණු බවයි එහි සිටි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක ඇතුලූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් එහිදී විපක්ෂව ඡන්දය භාවිත කර ඇති අතර, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.  

මෙම පනත් කෙටුම්පත අද මධ්‍යම පළාත් සභාවේදී පරාජයට පත්වුණේ ඡන්ද 32කින්.

මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිතා කර ඇති අතර එක්සත්  ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් එම අවස්ථාවේ සභා ගර්භයෙන් පිටව ගිය බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.  

ඒ අනුව දැනට මෙම පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පළාත් සභා 05 කට ඉදිරිපත් කරනු ලැබූ අතර එම පළාත් සභා පහේදීම මෙම කෙටුම්පත පරාජයට පත්වීම විශේෂත්වයක්.

එමෙන්ම, උතුරු පළාත් සභාවට එය ඉදිරිපත් කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් යෝජනාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගනු ලැබුවේ ඒකමතිකවයි.

මේ අතර වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

තනතුරේ වගකීම් පැහැර හැරීමේ චෝදනාව මත ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීමට අද පෙරවරුවේ රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කළ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

එසේම එම තනතුර සදහා නිදහස් සන්ධාන මන්ත්‍රී බණ්ඩාර රාජපක්ෂ පත් කිරීමට ද එහිදී තීරණය කෙරුණා.



උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More