හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකගේ දේහය හොරණ පිහිටි නිවසේ තැන්පත් කෙරෙයි

Wednesday, 28 December 2016 - 17:31

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට හොරණ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

මැති ඇමතිවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අවසන් ගෞරවය දැක්වීම සඳහා ඔහුගේ දේහය අද පෙරවරුවේ පාර්ලිමේන්තුව වෙත රැගෙන එනු ලැබුවා.

එහිදී කථානායක කරූ ජයසූරිය ඇතුලූ මන්ත්‍රීවරුන් දේහය භාරගත් අතර අනතුරුව එය විශේෂ පීඨිකාවක තැන්පත් කළා.

කථානායක කරූ ජයසූරිය මෙන්ම විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ඇතුලූ මැති ඇමතිවරුන් රැසක් එහිදී දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

අද පස්වරු 4 ට පමණ හොරණ පිහිටි නිවසට රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය රැගෙන එනු ලැබුවා.

දශක 5කට අධික කාලයක් හොරණ ආසනය කේන්ද්‍ර කර ගනිමින් දේශපාලනයේ නිරත වූ රත්නසිරි වික්‍රමනායක නම් වූ කෘතහස්ත දේශපාලනඥයාට අවසන් බුහුමන් දැක්වීමට අති විශාල ජනකායක් ඒ වනවිටත් නිවස සහ අවට ප්‍රදේශයට රැස්ව සිටියා.

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන 31 වන දින හොරණදී සිදුකිරීමට නියමිතයි.

දේහය පිළිබද අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 31 වැනිදා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පරිශ්‍රයන්හි ජාතික ධජය අඩකුඹු කර තබන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.