නව වසරේ ආණ්ඩුවෙන් රැඩිකල් තීන්දු

Wednesday, 28 December 2016 - 18:40

%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94
ලබන වසර ආර්ථික සහ දේශපාලනික වශයෙන් රැඩිකල් වෙනස්කම් සිදුවන වසරක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

ඒ, අද මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රැඩිකල් ප්‍රතිපත්තියෙහි පළමු ක්‍රියාදාමය ලෙස බැඳුම්කර සිද්ධියෙන් චෝදනාවට ලක්වූවන්  නීතිය හමුවට පමුණුවන්නේද යන්න පිළිබඳව එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

ඒ සම්බන්ධයෙන්ද නියත වශයෙන්ම අවධානය යොමු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.