උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාදය පිළිබඳ පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලීමක්

Thursday, 29 December 2016 - 8:52

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
2016 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාදවීම පිළිබඳව වහා පරික්ෂණයක් සිදුකළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ ප්‍රතිඵල ප්‍රමාදවීම තුළ සිසුන්ට අසාධාරණයක් සිදුවන බවයි.

විභාග ප්‍රතිඵල ප්‍රමාදවීම පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා තම සංගමය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිඛිත ඉල්ලීමක්ද සිදුකළ බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 2 වන දින ආරම්භ වූ අතර ඒ සඳහා සිසුන්  තුන්ලක්ෂ 15,605ක් පෙනී සිටියා.  

විභාග ප්‍රතිඵල ප්‍රමාදවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාරගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වූයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.