තිස්සමහාරාමයේදී ගිනි අවි සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට

Thursday, 29 December 2016 - 9:49

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තිස්සමහාරාම,තඹරවැව ප්‍රදේශයේදී ගිනි අවි තුනක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඊයේ කළ වැටලීමකදියි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් ළඟ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්ද තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර කරදියනාරු නරකමුල්ල ප්‍රදේශයේදී මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.

සැකකරු පට්ටිපොල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙක්.

එම පුද්ගලයා අද එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.