පිලිපීනයේ බොක්සිං තරඟයක් අතරතුර 33 දෙනෙකු තුවාල ලබයි

Thursday, 29 December 2016 - 10:06

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%82+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+33+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
පිලිපීනයේ - මධ්‍යම ප්‍රදේශයේ බොක්සිං තරඟයක් අතරතුර සිදුවූ පිපිරීමකින් 33 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ එරට පළමු පෙළ බොක්සිං තරඟයක් පැවැත්වෙන අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජංගම දුරකථනයක සවිකළ දුරස්ථපාලකයක් ආධාරයෙන් පිපිරවීම සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් කිසිදු පාර්ශවයක් මේ දක්වා ප්‍රහාරයේ වගකීම භාරගෙන නැහැ.