විදුලි බලාගාර ප්‍රදේශවලට තද වැසි

Thursday, 29 December 2016 - 12:59

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට දින දෙකක සිට තද වැසි ඇද හැලෙන බව වාර්තාවනවා.

මාස ගණනක් තිස්සේ පැවති වියලි කාලගුණයෙන් අනතුරුවයි ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, පොල්පිටිය සහ කැනියොන් විදුලි බලාගාර ප්‍රදේශවලට මෙලෙස වැසි ලැබී ඇත්තේ.

කෙසේ වෙතත් දැනට ලැබී ඇති වැසි ජල විදුලි බලාගාරවල ධාරිතාව ඉහළ යාමට ප්‍රමාණවත් නොවන බවයි විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර ඉහළ වායුගෝලයේ ඇතිවූ කැළඹිලි සහිත තත්ත්වයක් හේතුවෙන් මෙලෙස දින කිහිපයක් වැසි පැවතුණද යළි වියලි කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල කියා සිටියේ.