10,000ක් සමඟ හෙද සංගමයත් මහ පාරට

Thursday, 29 December 2016 - 13:05

10%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව හෙද නිලධාරීන් දස දහසක් සමඟ වීථි බසින බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.

එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව ප්‍රකාශ කළේ නාරාහේන්පිට අභයාරාමයේදී අද (29) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

හෙද සංගමය තීරණය කරලා අවසානයි. මේ රට කඩන්නවත් බෙදන්නවත් විනාශ කරන්නවත් ඉඩ දෙන්නෙ නැහැ කියන එක. ආණ්ඩුවට කඩේ යන සමන් රත්නප්‍රියට අපි කියනවා මේ වෙලාවේ අපිත් එක්ක එකතුවෙලා මේ රට බේරගන්න ඉදිරිපත් වෙන්න කියලා. මෙන්න ආණ්ඩුව කරපු දේවල්. කහ ඉර සුදු කරලා තියෙනවා. ඊළඟට සීමාවක් නැතිව පලි අරන් තියෙනවා. වෙන කරපු දෙයක් නැහැනෙ. ඔය කෑ ගහන ප්‍රාණ ඇප කාරයින්ට අපි කියනවා කරපු දෙයක් පෙන්නපල්ලා රට වෙනුවෙන්. හැමදාම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට ආවනම් රට විකුණලා තියෙන්නෙ හැමදාම. මේ රටේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් ඉල්ලීමක් කරනවා. බලය පාවිච්චි කරලා මේ රටේ ආරක්ෂා කරන්න. රට බෙදන බෙදුම්වාදී ව්‍යවස්ථාව ඒ ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනාවොත් එදාට අපි පාර්ලිමේන්තුව ළඟට රෝගීන්ට බාධාවක් නොවන ආකාරයට හෙද නිලධාරින් 10000 ක් පාර්ලිමේන්තුව ඉදිරියට ගෙනියන්න දැනට සැලසුම් කරගෙන යනවා. එවැනි දේකට අත තියන්න එපා කියන අනතුරු අගවන අතර සුපිරි බලවතුන් පත් කරන්න  ඕනෙ නම් මහජන ඡන්දෙන් පත් වෙච්ච අය පත් කර ගන්න. මහජන මතයක් නැති අය පත්කරගෙන මේ රට විනාශ කරන්න සැරසෙන්න එපා.