වරායේ කළු සතියක් - ලොතරැයි අලෙවිකරුවන්ගෙන් රතු එළියක්

Thursday, 29 December 2016 - 18:44

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හම්බන්තොට - මාගම්පුර වරාය චීන සමාගමකට පැවරීමට ගත් තීරණයට එරෙහිව ජනවාරි දෙවනදා සිට කළු විරෝධතා සතියක් දියත් කරන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසනවා.

දිවයිනේ පිහිිටි සෑම වරායකම සහ වරාය අධිකාරියට අයත්, ගොඩනැගිලි තුළ මෙන්ම වාහන තුළ ද කළු කොඩි ඔසවා තබමින් මෙම විරෝධතාවය දක්වන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ සදහන් කළේ.

එමෙන්ම, සියලූම සේවකයන් ද කළු පටි පැළදගෙන රාජකාරි කටයුතු සිදුකරන බවයි කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

මේ අතර, ලොතරැයි පතක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් නොකළහොත් ඊට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවියෙන් ඉවත් වන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ක්‍රිශාන්ත මාරඹගේ කොළඹ අද (29) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ ලබන පළමුවැනිදා සිට තමන් මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.

කෙසේ වෙතත් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ශර්මිලා පෙරේරා මහත්මිය පැවසුවේ එම වර්ජනයට මුහුණ දීමට ජාතික ලොතරැයි මණ්ඩලය සූදානම් බවයි.

මේ අතර මහනුවර දිස්ත්‍රික් ලොතරැයි අලෙවි නියෝජතයින් මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් බැහැදැක තම ගැටලුව පිළිබදව උන්වහන්සේ දැනුවත් කළා.