උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන විභාග කොමසාරිස්ගෙන් සහතිකයක්

Friday, 30 December 2016 - 6:39

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
උසස් පෙළ ප්‍රතිඵලවල ප්‍රමාදයක් නොමැති බවත්, එය ලබන 12 වනදාට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර පවසනවා.

කොමසාරිස්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ අසාධාරණයක් නොවන අයුරින් සිසුන්ට ප්‍රතිඵල ලබාදීම තම අරමුණ බවයි.

කෙසේ වෙතත්, 2016 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාදවීම තුළින් සිසුන්ට අසාධාරණයක් සිදුවන බවයි ලංකා ගුරු සංගමය සඳහන් කළේ.

එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ විභාග ප්‍රතිඵල ප්‍රමාදවීම පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා තම සංගමය ජනාධිපතිවරයාට සහ
අගමැතිවරයාට ලිඛිත ඉල්ලීමක්ද සිදුකළ බවයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 2 වන දින ආරම්භ වූ අතර ඒ සඳහා සිසුන්  තුන්ලක්ෂ 15,605 ක් පෙනී සිටියා.

කෙසේ වෙතත්, විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර අවධාරණය කළේ ජනවාරි 12 වනදාට පෙර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බවයි.