Update :- ගසක් කඩා වැටීමෙන් අවහිර වූ හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගය යළි විවෘත වේ

Friday, 30 December 2016 - 7:18

Update+%3A-+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A
ගසක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට අවහිර වූ කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගය යළි විවෘතකර තිබෙනවා.

මාරවිල,හත්තිනිය ප්‍රදේශයේදී මෙලෙස මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් අද උදෑසන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.

කෙසේ වෙතත්, මාර්ගයට කඩා වැටුණු ගස,පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඉවත් කිරීමට කටයුතු කළ බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සදහන් කළේ.

Update:- Friday, December 30, 2016 08.18am
--------------------------------------------
හලාවත- කොළඹ ප්‍රධාන මාර්ගයට මාරවිල හත්තිනිය ප්‍රදේශයෙන් ගසක් කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

පොලිසිය  එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ගමනා ගමනය සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.