ජනපති, හිටපු අගමැතිට අවසන් ගෞරව දක්වයි

Friday, 30 December 2016 - 12:18

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා අද (30) දිනයේ ද පක්ෂ, විපක්ෂ නියෝජනය කරන දේශපාලනඥයින් දේහය තැන්පත් කර ඇති හොරණ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණෙමින් සිටින බව එහි සිටින අප වාර්තාකරුවන් පවසනවා.

රෝගාතුර වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අභාවප්‍රාප්ත වූයේ පසුගිය 27 වනදායී.

හෙට දිනයේදී හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇති අතර ඒ සදහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදීමටයි රජය පියවර ගෙන ඇත්තේ.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අද උදෑසන දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණ තිබුණා.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ චරිතය වර්තමාන දේශපාලනඥයින්ට ද ආදර්ශයට ගත හැකි බවයි.

ඊයේ දිනයේදී ද එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පැමිණ සිටියා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඒ සදහා පැමිණියේ ඊයේ දිනයේදීයි.



ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට
Wednesday, 05 August 2020 - 6:37

ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට... Read More

9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද
Wednesday, 05 August 2020 - 6:28

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More