ඛනිජ තෙල් ඇමතිගෙන් අයි. ඕ.සී නිලධාරීන්ට කැඳවීමක්

Friday, 30 December 2016 - 12:21

%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B6%95.%E0%B7%83%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ත්‍රිකුණාමලය - චීන වරාය තුළ ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් රඳවා ගැනීමේ සිද්ධිය පිළිබඳව ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි, ලංකා අයි. ඕ.සී සමාගමේ නිලධාරීන් කැඳවා සාකච්ඡාවක් සිදුකර තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම සාකච්ඡාව පැවති බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

මෙය කරුණු නිසි පරිදි සන්නිවේදනය නොවීම හේතුවෙන් අනවබෝධය නිසා ඇතිවු සිද්ධියක් බව ලංකා අයි. ඕ.සී සමාගමේ නිලධාරීන් ප්‍රකාශ කළේ යැයි අමාත්‍ය චන්දිම වීරක්කොඩි කියා සිටියා.  

ඒ අනුව පෙරේදා ඇතිවු මෙම සිද්ධිය මුළුමනින්ම සමථයකට පත්කර ගැනීමට අදාළ සාකච්ඡාවේදී හැකියාව ලැබුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳව ඉන්දියන් ඔයිල් සමාගමෙන් කරුණු විමසීමට අවස්ථා කිහිපයකදී අප උත්සාහ කළ අතර, එය අසාර්ථක වූයේ එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අදාළ සිද්ධිය පිළිබඳව අදහස් පළ කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන්.

ත්‍රිකුණාමලය චීන වරාය තෙල් ටැංකි පරීක්ෂාව සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජ්‍ය කළමනාකාරවරයෙකු ඇතුළු නිලධාරීන් 04 දෙනෙකු පිටත්ව ගියේ පෙරේදා දිනයේදීයි.

එහිදී ලංකා අයි. ඕ.සී සමාගමේ නිලධාරීන් විවිධ අඩන්තේට්ටම් සිදුකරමින් විනාඩි 30 කට අධික කාලයක් ඔවුන් නිවාස අඩස්සියේ රඳවාගෙන සිටි බවටයි චෝදනා එල්ල වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් චීන වරාය පොලිසියට පැමිණිල්ලක්ද සිදුකළ අතර, පොලිසිය සඳහන් කළේ ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි.