ඒකාබද්ධ විපක්ෂය යලිත් පොල් ගසයි

Friday, 30 December 2016 - 12:23

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%BA%E0%B7%92
නව ව්‍යවස්ථාවට සහ ජනතාව මත බදු පැටවීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරු අද (30) ස්ථාන 03 කදී පොල් ගසා දේව කන්නලව්වක් සිදුකිරීමට නියමිතයි.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ හික්කඩුව - සීනිගම දේවාලය, හලාවත - මුන්නේෂ්වරම් කෝවිල සහ නවගමුව පත්තිණි දේවාලයේදී මෙම දේව කන්නලව් සිදුකෙරෙන බවයි.