ඉන්දියාවේ ගල් අගුරු පතලක පියස්ස කඩා වැටී 7 ක් මරුට - 20 ක් සිරවෙයි

Friday, 30 December 2016 - 12:57

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+20+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නැගෙනහිර ඉන්දියාවේ - ජාර්කාන්ද් ප්‍රාන්තයේ ගල් අගුරු ආකරයක පියස්ස හදිසියේ කඩා වැටීම හේතුවෙන් එහි සේවය කළ පතල්කරුවන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 20 දෙනෙකු පමණ එහි සිරවී සිටින බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ. ජීවිතාරක්ෂක මෙහෙයුමට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී ඇති බව සදහන්.

සිරවී සිටින පතල් කම්කරුවන් මුදා ගැනීම සදහා බර යන්ත්‍රෝපකරණ ද එම ස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

ඉන්දියාවේ ගල් අගුරු සංචිතවලින් සියයට 30 ක්ම පවතින්නේ මෙම ප්‍රාන්තයේයි.