විල්පත්තු අභයභූමිය පුළුල් කර, වනජීවි කලාපයක් නම් කරන්න - හිරු සී.අයි.ඒ. අනාවරණය සමඟ ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Friday, 30 December 2016 - 15:42

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%2C+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%92.+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
විල්පත්තුව අභයභූමියට අයත් ප්‍රදේශ තවදුරටත් පුළුල් කර වනජීවි කලාපයක් ප්‍රකාශයට පත් කර ගැසට් කරන ලෙසට ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

විල්පත්තුව වනෝද්‍යානය අවට සහ මන්නාරම දිස්ත්‍රික්කය තුළ සිදුවන වන විනාශය පිළිබඳව හිරු සී.අයි.ඒ. කළ හෙළිදරව්වකට අනුව ජනාධිපතිවරයා අද පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

එහිදීයි මෙම උපදෙස් ලබාදී ඇත්තේ. එමෙන්ම ප්‍රදේශයේ සිදුවන වන විනාශයන් සොයා බැලීමට විශේෂඥයින් කණ්ඩායමක් මන්නාරම දිස්ත්‍රික්කයට පිටත් කර යැවීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

හිරු සී.අයි.ඒ. පුවත විකාශනය වීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ අප අමතමින් අදාළ පුවත පිළිබද තොරතුරු විමසුවා.

මෙරට පළමු පුරවැසියා ලෙස මෙවැනි දැවැන්ත පරිසර ගැටළුවක් විකාශනය කළ සැණින් ඒ පිළිබදව ප්‍රතිචාර දැක්වීම සතුටට කරුණක්.

ජනාධිපතිවරයා අදාළ පරිසර බලධාරීන් විශේෂ සාකච්ඡාවක් සඳහා කැදවා ඇත්තේ මෙම විනාශය සම්බන්ධයෙන් අප සතු සියලූ තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුවයි.   

එම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති මාධ්‍ය අංශය අද පස්වරුවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් දැක්වුණේ විල්පත්තුව ඇතුළු සියළු වනාන්තර නවීන තාක්ෂණය භාවිතා කරමින් ගුවනේ සිට අඛණ්ඩව නිරීක්ෂණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් ද ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

එමෙන්ම, කුමන අයුරකින් හෝ සිදුකෙරෙන වනාන්තර හෙළිකිරීම්වලට අදාළ පුද්ගලයින්ට තරාතිරම නොබලා උපරිම දඬුවම් පැමිණවීමටත් තමන් අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙන බව මෙම හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

හිරු සී.අයි.ඒ. පසුගිය දින දෙක තුළ සිදුකළ හෙළිදරව් කිරීම් තවදුරටත් සොයා බැලීම සඳහා විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යොදවන ලෙසත්, ජනාධිපතිවරයා මෙම හමුවේදී උපදෙස් ලබාදී තිබෙනවා.

එම නිරීක්ෂණ කණ්ඩායමට පරිසර, වන සංරක්ෂණ, වනජීවි දෙපාර්තමේන්තුවල නිලධාරීන් පරිසර සංවිධාන නියෝජිතයින් මෙන්ම ජනමාධ්‍යවේදීන් ද ඇතුළත් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණා.

නැවත පදිංචිකිරිම්වලට මුවාවෙමින් විල්පත්තුව වනෝද්‍යානය අවට කල්ලාරු  වනාන්තරය සුණු විසුණු කර ඇති අන්දම හිරු සී.අයි.ඒ. මුල්වරට හෙලි කළේ 2015 වසරේ අප්‍රේල් මාසයේදියි.

පසුගිය රජයේ දේශපාලන වුවමනා එපාකම් මත පරිසර සක්‍යතා වාර්තා පවා ලබා නොගෙන නීතිවිරෝධී ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර දහස් ගණනක් නිදහස් කරගෙන මෙම වන විනාශය සිදුකර තිබුණා.

මෙම මහා වන විනාශය පිළිබඳව දිගින් දිගටම සිදුකළ හෙළිදරව්ව සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අදාළ ප්‍රදේශවල වනාන්තර හෙළි කිරීම, තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළා.

එහෙත් එම නියෝගය ද නොතකා හරිමින් විලත්තකුලම් ආශ්‍රිතව යළිත් වරක් වන සංහාරයක් සිදුවන බවටයි හිරු සී.අයි.ඒ. හෙළිදරව් කළේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විලත්තිකුලම් වන කලාපයේ සිදුවන හෙළි පෙහෙලි කිරීම් සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර සතරසිංහගෙන් අප ඊයේ විමසීමක් කළා.

ඔහු කියා සිටියේ නැවත වන වගාවක් සඳහා කොටසක් හෙළි පෙහෙලි කරන බවයි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පවසන පරිදි සිදුවන්නේ වන වගාවක් නම්, යාන්ත්‍රික කියත් රැගෙන වනාන්තර තුළට යාමේ අවශ්‍යතාව කුමක්දැයි අප විමසා සිටියා.

එසේම පරිසර සංවිධාන එකමුතුවේ නියෝජිතයින් අද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හමුවීමට ගොස් මේ පිළිබදව කරුණු විමසුවා.

අනතුරුව අදහස් දැක්වූ පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සදහන් කළේ අප ඊයේ කළ විමසීමේදී අධ්‍යක්ෂවරයා පැවසූ කරුණු සාවධ්‍ය බව ඔහු පිළිගත් බවයි.



විල්පත්තු වන විනාශය පිළිබඳ හිරු සී අයි ඒ කල හෙළිදරව්ව පහතින්.