ඇමරිකානු තීරණයට රුසියාවෙන් ක්ෂණික ප්‍රතිචාරයක්

Friday, 30 December 2016 - 16:54

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වොෂින්ටනයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 35 දෙනෙකු පිටුවහල් කිරීමට එරෙහිව රුසියාව ක්ෂණික ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ඒ අනුව එරට විදේශ අමාත්‍යාංශය රුසියාවේ සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 35 දෙනෙකු ද පිටුවහල් කිරීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් අවසර ඉල්ලා ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කලේ.

පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ පරාජයට රුසියානු සයිබර් ප්‍රහාර හේතු වූ බව ජනාධිපති ඔබාමාගේ කණ්ඩායම චෝදනා කළා.

ඊට අදාළවයි රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පැය 72ක් තුළ පිටුවහල් කිරීමට ඇමරිකාව පියවර ගත්තේ.