වැලි මැස්සා රට පුරා ව්‍යාප්ත වීමේ අවදානමක්

Friday, 30 December 2016 - 18:21

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වැලිමැස්සා මගින් උතුරු මැද සහ දකුණු පලාත්වල ව්‍යාප්ත වී ඇති චර්ම රෝගී තත්ත්වය දිවයිනේ සෙසු පළාත් වලට ද පැතිර යාමේ දැඩි අවදානමක් මතු වී ඇති බව පේරාදෙනිය විශ්ව විද්‍යාලය සිදුකල පර්යේෂණයකින් හෙලිවී තිබෙනවා.

එම විශ්ව විද්‍යාලයේ විද්‍යාපිඨයේ පරපෝෂවේදය පිළිබඳ අංශ ප්‍රධානී අචාර්ය ඩබ්ලිව්. ඩී. එස්. ජේ. වික්‍රමසිංහ කියා සිටියේ මේ වන විට පදවිය, අනුරාධපුර, පොලොන්නරුව, හම්බන්තොට සහ මාතර ප්‍රදේශ වලින් රෝගය ආසාදනය වූ පුද්ගලයින් 2500ක් පමණ හඳුනාගෙන ඇති බවයි.

1992 වසරේදි මුලින්ම මෙරටින් වාර්තා වු වැලිමැස්සා, මදුරුවාට වඩා තරමක් කුඩා, රුධිරය උරා බොන සත්ත්වයෙක්.

මේ අතර, දිස්ත්‍රික්ක 10ක ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ඉන් අධි අවදානමක් පවතින්නේ කොළඹ, ගම්පහ, ගාල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක තුලයි.

මේ වසර තුලදී ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 77 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 48,682 දෙදෙනෙකුට රෝගය වැළදී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල කියා සිටියේ මේ වසරේ ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් ලක්ෂයකට අධික පිරිසකට රතු නිවේදන නිකුත් කළ බවයි.