ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡාවක් අද නවදිල්ලියේදී

Saturday, 31 December 2016 - 6:44

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B1%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් නිලධාරී මට්ටමේ සාකච්ඡාවක් අද ඉන්දියාවේදී පැවැත්වෙනවා.

එම සාකච්ඡාව සඳහා ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරිය මෙන්ම ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ නාවික හමුදා නිලධාරීන්ද ඊට එක්ව සිටින බවයි ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ.

මීට අදාළ පළමු සාකච්ඡාව පසුගිය නොවැම්බර් මාසයේ නවදිල්ලියේදී පැවැත්වුණු අතර, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇතුලූ පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වුණා.

අද නවදිල්ලි සාකච්ඡාවෙන් අනතුරුව ලබන මස 2 වන දා මෙරට දී ද සාකච්ඡාවක් පැවැත්වෙන අතර ඒ සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ්, එරට ධීවර අමාත්‍ය රාධා මොහාන් සිං ඇතුලූ පිරිසක් සහභාගිවීමට නියමිතයි.