ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පුටින්ට මල් මිටක්

Saturday, 31 December 2016 - 6:50

%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A
ඔබාමා පරිපාලනය විසින් රුසියානු රාජතාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමේ සිද්ධියට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රතිචාර දැක්වූ ආකාරය මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රසාදයට ලක්වී තිබෙනවා.

ඔබාමා පරිපාලනය විසින් රුසියානු රාජතාන්ත්‍රිකයන් 35 දෙනෙකුට පැය 72ක් ඇතුළත ඇමරිකාවෙන් පිටවන ලෙස නියෝග කළේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට රුසියානු සයිබර් ප්‍රහාර හේතු වූ බවට චෝදනා කරමින්.

කෙසේ නමුත් එම චෝදනාව රුසියාව මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ද පිළිගන්නේ නැහැ.

ජනාධිපති ඔබාමා තනතුරෙන් නික්ම යාමට පෙර රුසියාවට මෙලෙස තරවටු කළ ද ජනවාරි 20 වන දා ට්‍රම්ප් බලයට පැමිණෙන තුරු රුසියාව බලා සිටින බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

ඇමරිකාවට ප්‍රතිචාර වශයෙන් රුසියාවේ සිටින ඇමරිකානු රාජතාන්ත්‍රිකයන් 35 දෙනෙකු ද පිටුවහල් කරන ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා සිටියා.

එහෙත් ඔහු කියා සිටියේ එලෙස කිසිදු ඇමරිකානු රාජතාන්ත්‍රිකයෙකු පිටුවහල් නොකරන බවයි.


රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි
Saturday, 04 July 2020 - 16:06

රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.පසුගිය... Read More

දකුණු චීන මුහුදට ඇමරිකානු යුද නෞකා
Saturday, 04 July 2020 - 15:13

චීනය විසින් නාවික අභ්‍යාස සිදුකරන දකුණු චීන මුහුදට ඇමරිකානු... Read More

බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්
Saturday, 04 July 2020 - 13:35

ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී... Read More