එට්කා 3 වන වටයේ සාකච්ඡා ඉදිරි සතියේ

Saturday, 31 December 2016 - 18:46

%E0%B6%91%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+3+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා එකඟතාව හෙවත් එට්කා ගිවිසුම පිළිබඳ තුන්වන වටයේ සාකච්ඡා ලබන වසරේ ජනවාරි 4 වනදා සහ 5 වනදා කොළඹදී පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය හෙළිදරව් කළා.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන එන ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කළේ එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා දැන් තීරණාත්මක අදියරකට පිවිස ඇති බවයි.

එමෙන්ම, යථාර්ථවාදී නොවන කැප කිරීම්වලින් තොරව එකඟතාවකට පැමිණීමට දෙපාර්ශවයම උත්සාහ කරමින් සිටින බවයි ඉන්දීය පුවත්පත පෙන්වා දෙන්නේ.

2000 වසරේදී අත්සන් තබන ලද ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට සහනදායි කොන්දේසි රැසක් පිරිනමා ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කළා.

කෙසේ නමුත්, නිදහස් වෙළඳ ගිවිසුම ද ශ්‍රී ලංකාවට අවාසිදායක බව මෙරට ඇතැම් පාර්ශවයන්හි අදහස යැයි ඉන්දීය පුවත්පත වැඩිදුරටත් කියා සිටියා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ කටයුතුවලදී ඉන්දීය පාර්ශවයට විශාල වාසියක් පවතින බව නොරහසක්.

මෙම අසමබරතාව පිළිබඳව ශ්‍රී ලාංකිකයන් බහුතරයක් කැමැත්තක් නොදක්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

මේ තත්ත්වය මත එට්කා ගිවිසුම අත්සන් තැබීම පිළිබඳව දෙපාර්ශවය අතර, තවදුරටත් විශමතා පවතින බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත පෙන්වා දෙනවා.

එට්කා ගිවිසුමට අත්සන් තැබීම දෙසැම්බර් 31 වනදා එනම් අද සිදුකිරීමට ශ්‍රී ලාංකික පාර්ශවයට අවශ්‍ය වූ බවත් ඉන්දීය පුවත්පත් වාර්තාවේ දැක්වෙනවා.

එහෙත්, ගිවිසුම අත්සන් කිරීම සඳහා කාල විරාමයක් අවශ්‍ය නොවන බවත්, දෙපාර්ශවයම තෘප්තිමත් වනතුරු ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතු බවත් මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය වානිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කළේයැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත අවධාරණය කළා.