තත්පරයක වෙනසකින් 2017 නව වසර උදාවේ

Sunday, 01 January 2017 - 7:33

%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+2017+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකාවාසීන් ඇතුළු ලොව පුරා රටවල ජනතාව 2017 නව වසරේ උදාව අභිමානයෙන් සමරනු ලැබුවා.

හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ නව වසරේ උදාවට සමගාමීව බොහෝ වෙහෙර විහාරස්ථානවල මෙන්ම සිද්ධස්ථානවල ආගමික වැඩසටහන් සංවිධාන කර තිබූ බවයි. අද උදෑසන වනවිටත් බැතිමතුන් ඒ සඳහා එක්ව සිටි බව ඔවුන් කියා සිටියා.

මේ අතර, නාසා අභ්‍යවකාශ ගවේෂණ සහ සූර්ය බල කාලහෝරා යන්ත්‍රය ඇතුළු ලොව පුරා සියලූම කාලය මැනීමේ උපකරණවලට ඊයේ මැදියම් රැයේදී අමතර තත්ත්පරයක් එක් කෙරුණා.

ඒ, පෘථිවියේ භ‍්‍රමණය ක්‍රමයෙන් මන්දගාමී වීමට සමගාමීව වේලාව නිවැරදි කිරීම සදහායි.

තත්ත්පරයක කාලසීමාව විද්‍යාත්මක ගවේෂණයන්හිදී විශාල කාල විරාමයක් ලෙසයි සැලකෙන්නේ.

චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂය වටා ගමන් කිරීමේදී තත්ත්පරයෙන් දහසකින් එකක නිරවද්‍යතාවක් අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව, 2016 වසර තත්ත්පරයකින් දිගු වූ අතර, 2017 වසර උදාවීම තත්ත්පරයකින් පමා වීම විශේෂත්වයක්.