ඉල්ලා අස්වූ රාජ්‍ය ඇමති පියංකර හිරුට කථා කරයි

Sunday, 01 January 2017 - 13:31

%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ආණ්ඩුවක් බිහිකිරීමට අද (01) වනවිට අවස්ථාව ලැබී ඇතැයි ධුරයෙන් ඉවත්වූ පළාත්සභා සහ පළාත්පාලන හිටපු රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවගේ අප්‍රසාදය නිසා ඉදිරියේදී ආණ්ඩු වෙනසක් ඇතිවිය හැකි බවයි.

ජනතාවගේ ඉල්ලීම පරිදි තමන් ධුරයෙන් ඉල්ලා අස්වූ බවත්, ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරනා බවත් කියා සිටියා.

කෙසේ වෙතත්, නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකළහොත් අමාත්‍ය ධුරයක් ලබා ගන්නා බවයි ඔහු සදහන් කළේ.

වත්මන් ආණ්ඩුවට දැඩි ජනතා අප්‍රසාදයක් ඇති බැවින් දිගු ගමනක්  නොමැති බව ද පියංකර ජයරත්න කියාසිටියා.