අලුත් අවුරුදු උදාව සමඟ ලොතරැයි අලෙවිය නතර වෙයි ?

Sunday, 01 January 2017 - 13:27

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%3F
දිවයිනේ ප්‍රදේශ රැසක ලොතරැයි අලෙවි නියෝජිතයින් මේ වනවිට වර්ජනයක නිරත වනවා.

ඒ, ලොතරැයි මිල රුපියල් 30 දක්වා ඉහළ දැමීමට එරෙහිව සහ අලෙවි නියෝජිතයින්ට හිමිවන කොමිස් මුදල වැඩි කරන ලෙස ඉල්ලමින්.

ඒ පිළිබඳව අදහස් දැක්වූ සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන් මාරඹේ කියා සිටියේ ගැටලූවට විසදුමක් නොලැබුණහොත් ඉදිරියේදී දැවැත්ත විරෝධතාවයක නිරත වන බවයි.

මේ අතර, අද පෙරවරුවේ අනුරාධපුරය, හොරණ ප්‍රදේශවල ලොතරැයි අලෙවි නියෝජිතයින් විරෝධතා ව්‍යාපාරවල නිරත වුණා.