ලොතරැයි අලෙවි නියෝජිතයින් වෙනුවට වෙනත් අය - මුදල් ඇමති කියයි

Sunday, 01 January 2017 - 17:58

%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලොතරැයිපතක මිල ඉහළ නැංවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට අලෙවි නියෝජිතයන් සූදානම් නොමැති නම්, එම අවස්ථාව නවක තරුණ තරුණියන්ට ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ  මෙලෙස ලොතරැයිපතක මිල ඉහළ නැංවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ලොතරැයි අලෙවි නියෝජිතයින් උද්ඝෝෂණවල නිරතවීම කිසිසේත් අනුමත නොකරන බවයි.

කෙසේ වෙතත්, සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය සඳහන් කළේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

රුපියල් 20ක්ව පැවති ලොතරැයිපතක මිල රුපියල් 30 දක්වා ඉහළ නැංවීමට එරෙහිව ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ අද උදෑසන සිටයි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙම තත්ත්වය මත අද දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ලොතරැයිපත් අලෙවිය සිදු නොවූ බවයි. ඊට අමතරව අනුරාධපුරය සහ හොරණ ප්‍රදේශවල ද විරෝධතා සංවිධාන කර තිබුණා.

කෙසේ වෙතත්,  කොළඹ අද පැවැති මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ ලොතරැයිපතක මිල ඉහළ නැංවීමට තීරණය කළේ ජනතාවට ජයග්‍රහණ ලබා ගැනීමට ඇති අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් බවයි.