රුසියානු රාජතාන්ත්‍රිකයින් ඇමරිකාවෙන් පිටව යයි

Monday, 02 January 2017 - 7:32

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනාධිපති බැරැක් ඔබාමා විසින් පිටුවහල් කරනු ලැබූ රුසියානු රාජතාන්ත්‍රිකයන් පිරිස මේ වනවිට සිය පවුලේ සාමාජිකයන් සමඟ ඇමරිකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

වොෂින්ටනයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් 35 දෙනෙකු පිටුවහල් කිරීමට පසුගියදා ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා තීරණය කළා.

ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ පරාජයට රුසියානු සයිබර් ප්‍රහාර හේතු වූ බවට චෝදනා එල්ලවීම ඔබාමාගේ මෙම තීරණයට හේතුවී තිබෙනවා.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් තමා ධුරයට පත්වීමෙන් පසු පරීක්ෂනයක් සිදුකරන බවයි ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ.