Update :- හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න අධිකරණයට

Monday, 02 January 2017 - 12:16

Update+%3A-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
අත්අඩංගුවට ගැණුනු හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න අද පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් මොහුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මීගමු කලපු සංවර්ධන යෝජනා ක්‍රමයකට ලබාදුන් රුපියල් ලක්ෂ 112 ක මුදලක් වංචා කළ බව කියන සිද්ධිය  සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදියි.

මෙම සිද්ධිය පිළිබඳව බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාව මගින්ද විමර්ශනයක් සිදුකළා.

Update :- Monday, January 2, 2017 01.37 pm
---------------------------------------------------------

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න අත්අඩංගුවට

හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න අද පෙරවරුවේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මීගමු කලපු සංවර්ධන යෝජනා ක්‍රමයකට ලබාදුන් රුපියල් ලක්ෂ 112 ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

මේ පිළිබඳව බරපතල වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව මගින්ද විමර්ශනයක් සිදුකළා.