හදිසි විදුලි අවශ්‍යතාවට ජනන යන්ත්‍ර 60 ක් මිලදී ගනී

Monday, 02 January 2017 - 13:12

%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+60+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
හදිසි විදුලිබල අවශ්‍යතාවක්  ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා විදුලිජනන යන්ත්‍ර 60 ක් මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයේ අවධානය යොමුවී තිබෙනවා.

පවතින වියලි කාලගුණ තත්ත්වයත් සමඟ මේ වනවිට ජල විදුලි බලාගාරවල ජල මට්ටම සීග්‍ර ලෙස පහළ ගොස් ඇති අතර, විදුලි කප්පාදුවක් මගහරවා ගැනීම සඳහා මෙලෙස විදුලිජනන යන්ත්‍ර මිලදී ගැනීමටයි විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත්තේ.

ඒ අනුව එම යෝජනාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකර ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ කියා සිටියා.  

මාස හයක කාලයක් සඳහා මෙගාවොට් එකක ධාරිතාවකින් යුත් විදුලි ජනන යන්ත්‍ර 60 ක් මිලදී ගන්නා බවයි අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ.