සීමානිර්ණ කමිටු වාර්තාව අද විෂයභාර අමාත්‍යවරයාට

Monday, 02 January 2017 - 13:23

%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7
සීමා නිර්ණය කමිටු වාර්තාව අද පස්වරුවේ විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදෙන බව එම කමිටුවේ සභාපති අශෝක පීරිස් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අදාළ වාර්තාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කමිටු සාමාජිකයින් මෙතෙක් අත්සන් තබා නොමැති බවයි වාර්තාවන්නේ.

පළාත් පාලන සීමා නිර්ණය පිළිබඳ පැමිණිලි සළකා බලා අදාළ සංශෝධන ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කළා.

ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව්, එක්සත් ජාතික පක්ෂයෙන් නීතීඥ එස්. මිස්ෆා, ජනතා විමුක්ති පෙරමුණෙන් නීතීඥ උපුල් කුමාරප්පෙරුම සහ දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් මහාචාර්ය පී. බාලසුන්දරන් පිල්ලේ පත් කෙරුණා.

ඒ අනුව ඔවුන් 2015 වසරේ දෙසැම්බර් මස පළමුවනදා සිට එහි වැඩ ආරම්භ කළ අතර, අවසන් වාර්තාව විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාරදීමට නියමිතව තිබුණේ පසුගිය මස 30 වනදායි.

ඒ වනවිට අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විදේශගතව සිටි අතර දෙමළ පරිවර්තන දෝෂ පැවතීම නිසා වාර්තාව භාරදීම සතියකින් කල් දමන බව කමිටු සභාපති අශෝක පීරිස් එහිදී සඳහන් කළා.  

කෙසේ වෙතත් කමිටුව නියෝජනය කරන දෙමළ සන්ධාන නියෝජිතයා සහ ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයා අදාළ වාර්තාවට අත්සන් තබා ඇති නිසා එය භාරදීමට ගැටළුවක් පැන නොනගින බවයි කමිටු සභාපති අශෝක පීරිස් ප්‍රකාශ කළේ.