බලය ගැන නොසිතා රට ගොඩනගමු ‘‘තිරසර යුගයක් - සංවර්ධන දැක්ම’’එළි දක්වමින් ජනපති කියයි

Monday, 02 January 2017 - 13:40

%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B8%E0%B7%94+%E2%80%98%E2%80%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%83%E0%B6%BB+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E2%80%99%E2%80%99%E0%B6%91%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බලය ගැන නොසිතා රට තිරසාර යුගයකට ගෙනයාමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.  

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජගත් සංවිධානය මගින් ප්‍රකාශයට පත් කළ 2030 තිරසාර යුගයක් - සංවර්ධන දැක්ම එළිදැක්වීමේ  උත්සවයට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද එක්වෙමින්.

මෙම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එක්ව සිටි අතර, ඔහු කියා සිටියේ රට සංවර්ධනය කරා ගෙන යාමේදී දේශපාලනඥයින් අතර විවිධ අදහස් පැවතිය හැකි බවයි.

එහෙත් සියලු දෙනා එක්ව සංවර්ධන ඉලක්ක සපුරාගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී තවදුරටත් කියා සිටියේ.

මෙම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය, අගවිනිසුරු කේ ශ්‍රීපවන් සහ රජයේ අමාත්‍යවරුන් මෙන්ම පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා.



මසුන් මැරීමට ගිය තුන් දෙනෙකුගේ යතුරුපැදි 3ක් ගිනිබත් කෙරේ
Tuesday, 07 July 2020 - 11:02

හොරොව්පතාන නගරයේ පිහිටා ඇති වැවේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයින්... Read More

කොවිඩ් ආසාදිතයන් ගණන 2078 දක්වා ඉහළට
Tuesday, 07 July 2020 - 10:28

මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන 2078 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය... Read More

ගංජා සමඟ පුද්ගලයෙක් STF අත්අඩංගුවට (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 10:22

ගංජා කිලෝ 56 ග්‍රෑම් 4ක් සමඟ සැකකරුවෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට... Read More