Update : මුහුදුබඩ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Tuesday, 03 January 2017 - 7:23

Update+%3A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%A9+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ගමනාගමනයට අවහිර වී තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්වී තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ පීලි පැනීමට ලක්වූ සාගරිකා දුම්රිය මේ වන විට පීලිගත කිරීමට පියවර ගෙන ඇති බවයි.

කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ආසන්නයේදී ඊයේ පිලී පැනීමකට ලක්වුණා.

කෙසේ වෙතත්, මේ වන විට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ සඳහන් කළේ.


Update : Tuesday, January 3, 2017 08.02
-----------------------------------------------

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

පාලක මැදිරිය සඳහන් කළේ කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ආසන්නයේදී ඊයේ පිලී පැනීමකට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හික්කඩුව දක්වා සීමා කිරීමට ද පියවර ගත්තා.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව සඳහන්. කෙසේ නමුත්, අම්බලන්ගොඩ, බූස්ස සහ හික්කඩුව යන දුම්රිය ස්ථානවලින් අද උදෑසන සිට කොළඹ දෙසට දුම්රිය ගමන් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.