ඉන්දු - ලංකා සාකච්ඡා සාර්ථකයි,බොටම් ට්‍රෝලිං ක්‍රමයත් නතර වන ලකුණු

Tuesday, 03 January 2017 - 7:37

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%2C%E0%B6%B6%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%82+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
මුහුදු සීමාව උල්ලංගණය කිරීම නිසා අත්අඩංගුවට පත් වන ධීවරයන් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එකඟතාවක් ඇති වී තිබෙනවා.

ඊට අදාළ නීතිමය සහ අනෙකුත් ක්‍රියාමාර්ග කඩිනම් කිරීමටයි එම එකඟතාව ඇතිවී තිබෙන්නේ.

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් දෙරටේ අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවක් කොළඹ දී ඊයේ පැවැත්වුණා.

ඒ සඳහා ධීවර විෂය භාර ඉන්දීය අමාත්‍ය රාධා මෝහන් සිං සහ ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර සහභාගි වුණා.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ පසුගිය දෙසැම්බර් 31 වන දා නවදිල්ලියේ පැවැති ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටු රැස්වීමේ ඉදිරි පියවරක් ලෙසයි.

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටළුවට තිරසාර විසදුමක් ලබා ගැනීමට අදාළ කරුණු පිළිබදව ඊයේ පැවැති සාකච්ඡාවේදී අවදානය යොමුව
තිබෙනවා.

ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ සභාපතිවරුන් ඔවුන් පැවැත්වූ සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබදව මෙහිදී අමාත්‍යවරුන් දැනුවත් කරනු ලැබුවා.

දෙපාර්ශවය අතර විශ්වාසය ගොඩනැගීමේ පියවරක් ලෙස දෙරටේ වෙරළාරක්ෂක බලකාය අතර සහයෝගීතාව ඉහළ නැංවිය යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

මුර සංචාර ඉහළ නැංවීම ද අවශ්‍යතාවක් බව මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මුහුදු සීමාව පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා ධීවර යාත්‍රා සන්නිවේදන උපකරණවලින් සමන්විත වීම අනිවාර්ය කිරීමට ද මෙහිදී තීරණය වූ බව සඳහන්.

කෙසේ නමුත් මෙරට මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් වන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීම පිළිබදව සලකා බැලිය හැක්කේ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුව අත් කර ගන්නා ප්‍රගතිය අනුව බවයි මෙම සාකච්ඡාවලදී අවධාරණය කෙරුණේ.