ගුවන් යානය ඇතුළේ මළපහ පිටවීම හේතුවෙන් මගීන්ට සිදුවූ දේ

Tuesday, 03 January 2017 - 11:37

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85%E0%B6%B4%E0%B7%84+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
ගුවන් යානයක ගමන්කරමින් සිටි මගීන් පිරිසකට අත්විඳීමට සිදුවූ ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයකයි සිදුව ඇත්තේ.

එහි ගමන් කළ මගීන්ට ටික වෙලාවකින් ඉතා දැඩි දුර්ගන්ධයක් දැනී තිබෙනවා.

පසුව යානයේ සිටි ගුවන් සේවිකාවන් දැනුවත් කිරීමෙන් පසුව සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ ගුවන් යානය තුළට විෂ සහිත දුම් පැමිණෙන බවයි.

මෙලෙස විෂ සහිත දුම් පැමිණ ඇත්තේ ගුවන්යානයේ මල අපද්‍රව්‍ය බැහැරකෙරෙන ටැංකිය සිදුරුවීමෙන් බවටයි පසුව අනාවරණය වී ඇත්තේ.

පසුව ඇතිවූ දැඩි දුර්ගන්ධය හේතුවෙන් ගුවන් යානයේ මගීන්ට ඔක්සිජන් පවා ලබාදීමට සිදුවූ බවට වාර්තා වනවා.

ඇතිවූ මෙම තත්වය හේතුවෙන් මගීන් වැඩි පිරිසක් රෝගී වී ඇති බවයි එම වාර්තා පෙන්වාදෙන්නේ.

කෙසේ වෙතත් එම සිදුවීම් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.



ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More