විරෝධතාවක් නිසා ගාලු පාර අහුංගල්ලෙන් වැසේ

Tuesday, 03 January 2017 - 12:47

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B7%84%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
ගුරු හිඟයට විසඳුම් ඉල්ලා අහුංගල්ල රාජපක්ෂ මහ විදුහලේ දරුවන්ගේ දෙමව්පියන් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ආරම්භ කර ඇති විරෝධතාව තවමත් ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් අද උදෑසන සිට පැය 4කට අධික කාලයක් මාර්ගයේ රථ වාහන ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා.

ඔවුන් පාසල ඉදිරිපිට අද උදෑසන රැස්වීමෙන් අනතුරුවයි මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාව ආරම්භ කළේ.

විරෝධතාවය පැවති ස්ථානයට දකුණු පළාත් අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී චන්දන සාලිය පැමිණි අතර, පසුව ඔහු ද විරෝධතාවයට එක්වුණා.  

ඔවුන් මේ වන විටත් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ බිම වාඩි වී විරෝධතාවයේ නිරත වන බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.




ඡායාරූප- අම්බලන්ගොඩ දීපාල් සිල්වා



මසුන් මැරීමට ගිය තුන් දෙනෙකුගේ යතුරුපැදි 3ක් ගිනිබත් කෙරේ
Tuesday, 07 July 2020 - 11:02

හොරොව්පතාන නගරයේ පිහිටා ඇති වැවේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයින්... Read More

කොවිඩ් ආසාදිතයන් ගණන 2078 දක්වා ඉහළට
Tuesday, 07 July 2020 - 10:28

මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන 2078 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය... Read More

ගංජා සමඟ පුද්ගලයෙක් STF අත්අඩංගුවට (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 10:22

ගංජා කිලෝ 56 ග්‍රෑම් 4ක් සමඟ සැකකරුවෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට... Read More